Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

  • යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

    28th September 2022 17:02:41 පැය

    උඩුත්තුරෙයි, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන තවත් පවුලක් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ අවධානය යොමුවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික දැනුම, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වයත්වය මත එම පවුල වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

  • කොලොන්දුපිලවු, අංගෙයිකත්ත පෙර පාසලේ ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

    26th September 2022 19:00:34 පැය

    57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් කොලොන්දුපිලවු, අංගෙයිකත්ත පෙරපාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පෙරපාසල් ළමුන් 24 දෙනෙකු වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

  • 241 සහ 242 වන බලසේනාවන් වෙතින් ජංගම අක්‍ෂි වෛද්‍ය සායන

    22nd September 2022 16:36:20 පැය

    ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 සහ 242 වන බලසේනාවන් වෙතින් පසුගිය ඉරිදා (18) දින ජංගම අක්‍ෂි වෛද්‍ය සායන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිරුක්කෝවිල්, පොතුවිල් සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිවිල් වැසියන් 281 දෙනෙක්ගේ අක්‍ෂි පරික්‍ෂාවන් සිදුකර වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් වියළි සලාක පරිත්‍යාගයක්

    22nd July 2022 14:02:29 පැය

    ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් තෝරාගත් අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහිත වියළි සලාක පාරසල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (15) දින ක්‍රියාත්මක කරන ලදී.

  • කමාන්ඩෝ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරයි

    22nd July 2022 14:00:49 පැය

    කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණය හා විදේශගත ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හම්බන්තොට, ගල්වැව විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා හා අඩු ආදායම්ලාභී පවුල් 205 ක සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (12) දින ක්‍රියාත්මක කරන ලදී.

  • සින්නවත්ත ප්‍රදේශයේ වැසියන්ට වියළි සලාක පරිත්‍යාග කරයි

    22nd July 2022 13:51:20 පැය

    23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව, සින්නවත්ත ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 116 ක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (15) දින ක්‍රියාත්මක කරන ලදී.

  • නිවාස අවශ්‍යතා සහිත කන්තලේ ප්‍රදේශයේ පවුල් දෙකක් වෙත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවාස

    29th June 2022 12:28:09 පැය

    කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවාස දෙකක් පසුගිය බදාදා (8) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සුරතින් නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.

  • යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

    29th June 2022 12:26:34 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ භටපිරිස් වල සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබූ තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් වශයෙන් වවුනියාව ප්‍රදේශයේ බෝගස්වැව I, බෝගස්වැව II, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම, කාලික්කුලම් සහ මදීනානගර් යන ගම්මානයන්හි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන අවශ්‍යතා සහිත පවුල් 100 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (19) දින නන්දිමිත්‍රගම ප්‍රජා ශාලාවේදී ක්‍රියාත්මක කරන ලදී.

  • 211 බලසේනාවේ මූලිකත්වයෙන් ඉදිකරන ලද නව නිවස නිවාසලාභීන්ට

    29th June 2022 12:24:01 පැය

    මැදවච්චිය, අඟුනොච්චිය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ආර් කුමුදුනී ශ්‍රියානි රත්නපාල මහත්මිය සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත සහ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස පසුගිය සඳුදා (20) දින පැවති උත්සවයකදී 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත ඊරියගම සහ 211 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්නගේ සහභාගීත්වයෙන් නිවාසලාභී පවුල වෙත නිල වශයෙන් පවරා දෙනු ලැබූහ.

  • යාපනය අර්ධද්වීපයේ ඉදිකළ නව CIMIC උද්‍යානය මහජනතාවට පරිත්‍යාග කෙරේ

    12th May 2022 11:43:44 පැය

    සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ජනතාවට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කිරීම වෙනුවෙන් ඉදිකරනු ලැබූ CIMIC උද්‍යානය ඉරිදා (08) දින කෝපායි ප්‍රදේශයේ පැවති උත්සවයකදී යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජනසතු කරන ලදී. මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.