Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කිරීම

1949 ඔක්තෝබර් මස 10 වන දින යුද්ධ හමුදා පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමත් සමඟ එදින ලංකා යුද්ධ හමුදාව ආරම්භ කළ දිනය ලෙස සැලකේ. යුද්ධ හමුදාව නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාවකින් සමන්විත වන අතර, මූලික අවශ්‍යතාවය මත නිත්‍ය හා ස්වේච්ඡා හමුදාවන්හි පහත දක්වා ඇති ඒකක ස්ථාපනය කරන ලදි. ඒ වනවිට සියලුම ඒකකයන් යුද්ධ හමුදා මූලස්ථානය මඟින් පාලනය වූ අතර, 1958 පැවති කැරලි තත්වය නිසා තාවකාලික අවශ්‍යතාවය මත තාවකාලික ක්‍ෂේත්‍ර මූලස්ථානයක් ස්ථාපනය කරන ලදි. පළමු ක්‍ෂේත්‍ර මූලස්ථානය 1963 දී ආරම්භ වූ අතර, එමඟින් දකුණු ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස පැමිණෙන ආගමන වැළැක්වීම සඳහා කටයුතු කරන ලදි. එම මූලස්ථානය නීති විරෝධී ආගමන වැළැක්වීමේ කාර්යසාධන බලකාය (TAFII) ලෙස හැඳින්විනි. එය 1981 දී විසුරුවා හරින ලදි. ලංකාව 1972 මැයි මස ශ්‍රී ලංකා ජනරජය බවට පත්වීමත් සමඟ සියලු යුද්ධ හමුදා ඒකක ඒ අනුව නම් කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව

ආරක්ෂක සේනා මූලස්ථාන

රෙජිමේන්තු මධ්‍යස්ථාන

* ශ්‍රීලසසබ - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය
* ශ්‍රීලකාහ - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
* ශ්‍රීලංඉ - ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය
* ශ්‍රීලංසංබ - ශ්‍රී ලංකා සංඥා බළකාය
* ශ්‍රීලපාහ - ශ්‍රී ලංකා පාබල හමුදාව
* ශ්‍රීලංසිරෙ - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව
* ගැහේබ - ගැමුණු හේවා බළඇණිය
* ගරෙ - ගජබා රෙජිමේන්තුව
* විපාරෙ - විජයබාහු පාබල රෙජිමේන්තුව
* යාපාරෙ - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
* කරෙ - කමාන්ඩෝ රෙජිමේන්තුව
* විබ - විශේෂ බළකාය
* සබුබ - සන්නද්ධ බුද්ධි බළකාය
* ඉසේබ - ඉංජිනේරු සේවා බළකාය
* ශ්‍රීලයුසේබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය
* ශ්‍රීලයුවෛබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය
* ශ්‍රීලයුයුබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය
* ශ්‍රීලවියාඉ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
* ශ්‍රීලයුපොහේබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය
* ශ්‍රීලයුපොදුසේබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය
* ශ්‍රීලයුකාබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය
* ශ්‍රීලයුකෘපබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය
* ශ්‍රීලංරබ - ශ්‍රී ලංකා රයිෆල් බළකාය
* ශ්‍රීලයුපුබ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය
* ශ්‍රීලංජාආබමු - ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

පුහුණු මධ්‍යස්ථාන

* යුහපුඅ - යුද්ධ හමුදා පුහුණු අණසක
* ශ්‍රීලංයුහවිපී - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය
* යුහයුවි - යුධ හමුදා යුධ විද්‍යාලය
* යුහපුපා - යුද්ධ හමුදා පුහුණු පාසල
* පාපුම - පාබල පුහුණු මධ්‍යස්ථානය
* සපුපා - සටන් පුහුණු පාසල
* යුහශාඅපුපා - යුද්ධ හමුදා ශාරීරික අධ්‍යන පුහුණු පාසල
* සෙව්පුපා - ස්වේච්ඡා බළසේනා පුහුණු පාසල
* ප්‍රසැවෙපුපා - ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල
* කොනොනිපුපා - කොමිෂන් නොළත් නිලධාරී පුහුණු පාසල
* භාපුපා - භාෂා පුහුණු පාසල
* ශ්‍රීලංසාසාමෙපුආ - ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය
* ශ්‍රීලංආප්‍රපුම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය