1949 ඔක්තෝබර් මස 10 වන දින යුද්ධ හමුදා පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමත් සමඟ එදින ලංකා යුද්ධ හමුදාව ආරම්භ කළ දිනය ලෙස සැලකේ. යුද්ධ හමුදාව නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාවකින් සමන්විත වන අතර, මූලික අවශ්‍යතාවය මත නිත්‍ය හා ස්වේච්ඡා හමුදාවන්හි පහත දක්වා ඇති ඒකක ස්ථාපනය කරන ලදි. ඒ වනවිට සියලුම ඒකකයන් යුද්ධ හමුදා මූලස්ථානය මඟින් පාලනය වූ අතර, 1958 පැවති කැරලි තත්වය නිසා තාවකාලික අවශ්‍යතාවය මත තාවකාලික ක්ෂේත්‍ර මූලස්ථානයක් ස්ථාපනය කරන ලදි. පළමු ක්ෂේත්‍ර මූලස්ථානය 1963 දී ආරම්භ වූ අතර, එමඟින් දකුණු ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස පැමිණෙන ආගමන වැළැක්වීම සඳහා කටයුතු කරන ලදි. එම මූලස්ථානය නීති විරෝධී ආගමන වැළැක්වීමේ කාර්යසාධන බලකාය (TAFII) ලෙස හැඳින්විනි. එය 1981 දී විසුරුවා හරින ලදි. ලංකාව 1972 මැයි මස ශ්‍රී ලංකා ජනරජය බවට පත්වීමත් සමඟ සියලු යුද්ධ හමුදා ඒකක ඒ අනුව නම් කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව
ආරක්ෂක සේනා මූලස්ථාන
රෙජිමේන්තු මධ්‍යස්ථාන
පුහුණු මධ්‍යස්ථාන
* | යුහපුඅ | - යුද්ධ හමුදා පුහුණු අණසක | ||||||||||||||||||||||||||
* | ශ්රීලංයුහවිපී | - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය | ||||||||||||||||||||||||||
* | යුහයුවි | - යුධ හමුදා යුධ විද්‍යාලය | ||||||||||||||||||||||||||
* | යුහපුපා | - යුද්ධ හමුදා පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | පාපුම | - පාබල පුහුණු මධ්‍යස්ථානය | ||||||||||||||||||||||||||
* | සපුපා | - සටන් පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | යුහශාඅපුපා | - යුද්ධ හමුදා ශාරීරික අධ්‍යන පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | සෙව්පුපා | - ස්වේච්ඡා බළසේනා පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | ප්රසැවෙපුපා | - ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | කොනොනිපුපා | - කොමිෂන් නොළත් නිලධාරී පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | භාපුපා | - භාෂා පුහුණු පාසල | ||||||||||||||||||||||||||
* | ශ්රීලංසාසාමෙපුආ | - ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය | ||||||||||||||||||||||||||
* | ශ්රීලංආප්රපුම | - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය |