Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2020 17:58:13 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරී අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩි.ජි.එස්. සෙනරත් යාපා ඉකුත් සඳුදා (01) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

ඉන් අනතුරුව, 57 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේදි එම සේනාංකය යටතේ ඇති බලසේනාවන් සහ බලඇණි වල සේවයේ නියුතු සියළුම නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතූ එතුමන් එම සේනාංකයේ අනාගත දැක්ම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා සියළුම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් ද සහභාගී වූහ. url clone | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092