Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 22:40:19 Hours

නිරෝධායනයට ලක් කළ තවත් පුද්ගලයින් පිරිසකට අදාළ PCR පරික්‍ෂණ සිදුකර නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කිරීමට සුදානම්

හොටෙල් බ්ලූ වෝටර් (Hotel Blue water) නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද ‍(04) දිනයේදී සිය නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද (03) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

අද (04) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (04) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ පුද්ගලයින් 5,257 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (03) දින උදෑසන 0600 පැයේ සිට අද (04) දින උදෑසන 0600 පැය දක්වා ගත වූ කාලය තුළ නව කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් 53 දෙනෙකු වාර්ථා වී ඇත. ඉන් 21 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී රැඳි සිටි පුද්ගලයින් වන අතර ඉතිරි 32 දෙනෙකු නාවික හමුදා වීරෝදාර රණවිරුවන් ලෙසද වාර්තා වේ. ඒ අනුව, අද (04) දිනය වනවිට නාවික හමුදාව තුළ වීරෝදාර රණවිරුවන් 795 දෙනෙකු කොවිඩ් - 19 ආසාධිතයින් වශයෙන් හඳුනාගෙන ඇත.

ඉන් 420 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති බවද වාර්තා වේ.

එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 375 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. Authentic Sneakers | adidas Yeezy Boost 350