Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2020 19:54:49 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂඥයින් සමඟ වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොවිඩ්-19 වෛරසයයේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමේ තවත් සාකච්ඡා වටයක් අද (03) දින සන්ධ්‍යාවේදි මීට අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විසින් මෙම සාකච්ඡාවේ අරමුණ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

එළඹෙන පොසොන් සමයත් සමඟ සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් සහ නව උපාය මාර්ග පිළිබඳව මෙහිදී තවදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි.

උපායමාර්ගිකව සිදුකළ යුතු අදාළ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කරමින් නිවැරදි සැලැස්මක් යටතේ විදේශීකයන් මෙරට ගෙන්වාගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙහිදී සාකච්ඡාවට බදුන්විය. වඩාත් හොඳ කළමනාකාරීත්වයකින් නිරෝධායන මධ්‍යස්ථාන වැඩිදියුණු කර එම විදේශිකයන් ඒ වෙත යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද ඔවුන් කරුණු සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව අතරතුරදී, කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය, පවතින අවදානම්, PRC පරීක්ෂණ සිදුකිරීම, විදේශිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, නිරෝධායන ක්‍රියාපටිපාටි සහ නිරෝධායන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳ තත්ත්ව වාර්තාවක් වෙත අවධානය යොමු කරමින් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. Running sports | Jordan Ανδρικά • Summer SALE έως -50%