03rd May 2020 18:58:37 Hours
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (03) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
"හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොටුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා බව සෞඛ්‍ය උපදෙස් මත ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ලබයි.
ලන්ඩන් (London) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් සහ රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 207 දෙනෙකු අද (03) දින පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් සියළුදෙනා නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලබයි.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයින් 09 දෙනෙකු හා වැලිකන්ද රෝහල වෙතින් 02 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (03) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. අද (3) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 4917 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී පිටව ගොස් ඇත.
මේ වන විට, නාවික හමුදාවේ වෛරසය ආසාදිත වූ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමීපව ඇසුරු කරනු ලැබු පුද්ගලයින් 1023 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 4635 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කරනු ලැබීය.
සාරාංශය:
මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 4917
තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4635
නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 36
අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: Asics footwear | jordan Release Dates