Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2020 18:35:19 Hours

කොවිඩ් - 19 වෛරසය ආසාධිත වීරෝධාර නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ සියළුම පුද්ගලයින් මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වී ඇති බව කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ප්‍රකාශ කරයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

මෙහිදී, “යූ.එල්. – 1172 දරණ ගුවන් යානයෙන් අද (28) දින ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයින් 164 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන් මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්ට රැගෙන යමින් සිටින” බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනු ලැබීය.

"අද (28) දින, ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කරනු ලැබූ පුද්ගලයින් 75 දෙනෙකු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පුද්ගලයින් 77 දෙනෙකු PCR පරීක්‍ෂණයකට භාජනය වීමෙන් අනතුරුව නිරෝධායන සහතිකපත් ලබා ඔවුන්ගේ නිවෙස් කරා පිටත්ව ගියා. එමෙන්ම, අද (28) දින වන විට ත්‍රිවිධ හමුදාවන් මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන මඟින් නිරෝධායන කටයුතු සම්පූර්ණ කරනු ලැබූ පුද්ගලයින් 4526 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් කරා පිටත්ව ගොස් ඇත. තවද, මෙම වෛරසය ආසාධිත වීරෝධාර නාවික හමුදා සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා අද (28) දින නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා.” යනුවෙන් යුද්ධ හමුදාධිපති  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩීයෝ පටය පහතින් දැක්වේ: latest jordans | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov