Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2020 13:07:52 Hours

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ත්‍රිවිධ හමුදා තුළ පවතින සෞඛ්‍ය ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ නිරීක්‍ෂණ චාරීකාවක

අතිගරු ජනාධිපතිතුමන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහනව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ (PTE) ප්‍රධානි හිටපු ගුවන් හමුදාපති (විශ්‍රාමික) මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, එයා මාර්ෂල් රෝෂාන් ගුණතිලක, ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද අධීක්‍ෂණය කිරිම සඳහා පත් කරන ලදී. නව පත්වීම් ලැබු එයා මාර්ෂල් රොෂාන් ගුණතිලක ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේද පෙරේරා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.ටී.බී. හන්ගිලිපොළ යන නිලධාරීන් සමග කොළඹ ප්‍රදේශයේ මට්ටක්කුලිය පිහිටි 6 වන ගැමුණු හේවා බළඇණියේ සහ කැළණියෙහි පිහිටි 2 වන ශ්‍රි ලංකා පාබල හමුදා බලකා කදවුරුව සෞඛ්‍ය ආරක්‍ෂක තත්ත්වය පිළිබද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

ඔවුන්ගේ සංචාරයෙන් පසුව, එම සියලුම නිලධාරීන් සහභාගී වූ සාකච්ඡාවක් කොළඹ, 14 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි. එහිදි, නිරීක්‍ෂණ චාරීකාවේදී නිරීක්‍ෂණයට ලක්වූ කරුණු පිළිඳව සහ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රමිතීන් විධිමත් කරමින් එය තවදුරටත් වැඩිදියුණු කිරීමේ සැලසුම් පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

ආරක්ෂක ලේකම්තුමාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම යටතේ පලදායී යාන්ත්‍රණයක් තුළින් අධීක්ෂණය කිරීම සහ පැතිරෙන වසංගතය සැලකිල්ලට ගනිමින් හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ජනාධිපති කාර්ය සාදක බලකායේ වගකීම වනු ඇත. විශ්‍රාමික ආරක්‍ෂක ප්‍රධානීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම යාන්ත්‍රණය සංවිධානය කළයුතු බැව් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලදී. jordan release date | Sneakers