Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2020 20:15:13 Hours

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 3721 දෙනෙකු සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ අද (16) දින සන්ධ්‍යාවේ මාධ්‍යය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙසේ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

පසුගිය දින කිහිපය තුළ ජාඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැව් හදුනාගත් බැවින් ඊට අදාළව කරන ලද පරීක්‍ෂණ වලට අනුව එම ආසාදිත පුද්ගලයන් සමීපව ඇසුරු කරනු ලැබු ග්‍රෑරැන්ඩ්පාස් ප්‍රදේශයේ නාගලගම් වීදිය ප්‍රදේශයේ සිටි තවත් පුද්ගලයන් 118 දෙනෙකු පමණ සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරිමෙන් පසු තව දුරටත් කොවිඩ් 19 වෛරසය පැතීරීම අවම කරගැනීම සඳහා නාගලගම් වීදිය අද (16) දින සවස හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබූවා.

මීට අමතරව යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පනිච්චංකර්නී නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණයන් සිදුකර අද (16) දින තම නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.

මේවන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායන කටයුතු සම්පූර්ණ කිරිමෙන් අනතුරුව 3721 දෙනෙකු තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 1631 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යෙදෙති. අද දින මේවන විට කෙරෝනා ආසාදිත නොවන බවට සනාථ කරන ලද PCR පරීක්ෂණ වාර්ථා 80 ක් අපට ලැබී තිබේ. ඒ අනුව නිවැරදි සෞඛ්‍ය ක්‍රියා පටිපාටීන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්‍ෂා කිරිමෙන් අනතුරුව එවැනි පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට නියමිතව ඇත.

මීට අමතරව වයික්කාල් ප්‍රදේශයේ ඩොල්ෆින් හෝටලයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කළ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මේවන විට නිරෝධායන ක්‍රියාවලියේ නිරතවෙමින් සිටි. එම ස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් එක් කණ්ඩායමක් සිය නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

එම ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ; affiliate link trace | Nike Shoes