Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2020 00:30:06 Hours

ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරිම සඳහා නාවික හමුදාව පොලිසියට සහයෝගය දක්වන බවට කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

“නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් කඩ කරන ලද පුත්තලම ප්‍රදේශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සහ හලාවත ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 86 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කටුකැලියාව නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී. එසේම, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ වැල්ලම්පිටිය සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාතීන් 10 දෙනෙකු පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත ඊයේ (9) දින පිටත් කර යවනු ලැබුවා. තවත් එවැනිම කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව” කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

“එමෙන්ම, ඉන්දුනිසියාවේ වන්දනා සංචාරයක නිරත වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකු පසුගිය මාර්තු මස 08 වන දින මෙරටට පැමිණ නිරෝධානයවීමෙන් පසුව ඔවුන් තවදුරටත් නිරෝධානය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. එසේම, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කලේ යැයි සැක සහිතව මාතලේ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් තුළ පුද්ගලයින් 1455 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටින බව” කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී තවදුරටත් සඳහන් කර සිටියේය.

“තවද, පසුගිය දින ජාඇල ප්‍රදේශයෙන් කොවිඩි - 19 වෛරසය ආසාදිත වී හඳුනාගත් පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 23 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා අනුගතව සිටියදී එම නිරෝධායන ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් ඊයේ දින නාවික හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන නැගෙනහිර පළාතේ පිහිටි නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. ඊයේ සහ අද දිනයේ නාවික හමුදාව විසින් නිපදවන ලද විෂබීජහරණ කුටි හතරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහරගම අපේක්‍ෂා රෝහල, කොළඹ ජාතික රෝහල සහ තෙල්දෙණිය මහ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබු බව” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. Asics footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4