Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2020 14:34:36 Hours

විශ්‍රාම යාමට නියමිත මධ්‍යම ආරක්‍ෂක සේනා අඥාපතිතුමන්ගේ සේවය පැසසුමට ලක් කෙරේ

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සිය සුභපැතුම් එක් කළේය.

විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ පැවැති සුහද හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතීත මතකයන් සිහිපත් කළ අතර දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පිළිබඳව එතුමන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සිංහ රෙජිමේන්තුවේ දරන වත්මන් පත්වීමට අමතරව යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් රැසක් හොඹවා ඇත.

තමන් වෙනුවෙන් පැවත්වූ මෙම සුහද හමුව වෙනුවෙන් නික්මයන මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාධිපති තුමන් වෙත සිය ස්තූතිය පුද කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සිය උණුසුම් සුභ පැතුම් හා ස්තූතිය පුද කළ අතර ඔහුගේ සේවය අගය කරමින් ප්‍රශංසා කළ අතර එය සනිටුහන් කිරිමට විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලදී. Sneakers Store | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov