Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2019 19:32:58 Hours

ජාතික දැල්පන්දු තරඟාවලිය - 2019 හි සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලබන ජාතික දැල්පන්දු ශූරතාවලිය දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හි අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර කනිෂ්‍ඨ ජාතික දැල්පන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  

මෙම කනිෂ්ඨ දැල්පන්දු තරඟාවලිය සඳහා දිවයින පුරා අවුරුදු 21 ට අඩු දැල්පන්දු ක්‍රීඩිකාවන් තරඟ කරනු ලබන අතර අනාගතයේදී ජාතික සංචිතය ශක්තිමත් කිරීම සඳහා දක්‍ෂතා සහිත ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් පවත්වනු ලබයි.  ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව තරඟ දෙසැම්බර් මස 7 දින දක්වා අඛණ්ඩව පවත්වයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව තරඟාවලිය සඳහා සහභාගීවන කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් කිහිපදෙනෙකු ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හඳුන්වා දෙන ලදී. කනිෂ්ඨ තරගාවලියේ මූලික වට මිනිත්තු 20 බැගින් පිළිමළුන් පිටුදැකීමේ මට්ටමින් පැවැත්වෙන අතර එක් තරඟයකට සීමා කර කණ්ඩායම් සියල්ල කොටස් දෙකකට බෙදා කණ්ඩායම් 36, කණ්ඩායම් 16 ක් දක්වා අඩු කරනු ඇත. දෙවන වටයේ සිට තරඟාවලිය පිළිමළුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වේ. කෙසේ වෙතත්, තෙවන ස්ථානය සඳහා වන තරඟ සහ අවසන් මහා තරඟ සඳහා මිනිත්තු 40 බැගින් කාලයක් ලබාදී අදියර හතරක් යටතේ පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය, පුහුණුකරුවන් හා සංවිධායකයින් මෙන්ම ක්‍රීඩිකාවන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කළ දේශනයේදී ජාතික සංචිතයට තේරී පත්වීමට පෙර දිවයින පුරා සිටින දැල්පන්දු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්‍ෂතා හා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් උදාකරදී ඇති බවත් වර්ෂ 2019 දී මෙන්ම අඛණ්ඩව දෙවන වරටත් ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳ සිය ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත් පැවසීය. ආයතනයක සහයෝගය නොමැතිව දැල්පන්දු සම්මේලනයට මෙවැනි දැවැන්ත තරඟාවලියක් පැවැත්වීමට අපහසු බව පැවසූ ප්‍රධාන ආරාධිත අමුත්තා සියලු තරඟකරුවන්ට සුබපැතුම් ද එක් කළේය. Buy Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival