29th November 2019 21:44:20 Hours
නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් ආගමික වතාවත්, ආශිර්වාද හා සුබ පැතුම් මධ්‍යයේ අද (29) දින උදෑසන කොළඹ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, අමාත්‍යාංශ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සියලුම ප්‍රධානීන් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත සපැමිණි නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් බුලත් අතක් දී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදී. ඉන් අනතුරුව, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක්ව නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් සාම්ප්රදානුකූල පොල්තෙල් පහන දල්වා නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම සංකේතවත් කළේය.
පූජ්‍ය ඉත්තදෙමාලියේ ඉන්ද්‍රසාර නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.
ඉන් අනතුරුව, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ,වැඩබලන පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ආරක්ෂක අමාත්‍යාංශ සියලුම ආයතන ප්‍රධානීන් සමඟ එක්ව නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිය පළමු සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී එතුමන් ජාතියේ යහපත උදෙසා කටයුතු කිරීමට සහ අමාත්‍යාංශයේ සිය රාජකාරි ඉටු කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය. affiliate tracking url | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos