Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 15:13:15 Hours

ප්‍රකට ඉන්දීය ආරක්‍ෂක විශ්ලේෂක යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සම්මුඛ සාකච්ඡාවක

වර්ෂ 1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත් ශක්ති සහ එස්එන්අයි හි ප්‍රධාන කර්තෘ නිටින් ගොඛ්ලේ මහතා, කතුවරයකු, මාධ්‍ය පුහුණුකරුවෙකු, ආරක්ෂක විශ්ලේෂකයෙකු, කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු ද වන අතර ප්‍රථම වරට ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමගින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ වරප්‍රසාදය ලද ප්‍රථම විදේශ මාධ්‍යවේදීයාද විය.

හමුදා සහ යුදමය ගැටුම් පිළිබඳ ඉන්දියානු ආරක්‍ෂක විශ්ලේෂකයෙකු ලෙස සැලකෙන ගොඛ්ලේ මහතා ඉකුත් සෙනසුරාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති සාකච්ඡාවේදී නව ජනාධිපතිතුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට පැවරි ඇති සුවිශේෂි කාර්යභාර්ය පිළිබඳව සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

වර්ෂ 2009 දී මානුෂීය මෙහෙයුම අවසන් විමත් සමඟ යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් එම සම්මුඛ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළේය. තවද නව ජනාධිපතිතුමන්ගේ දැක්ම අනුව ත්‍රිවිධ හමුදාව ඊට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ද එතුමන් එහිදි අවධාරණය කළේය. තවද උද්ගතව ඇති තත්ත්වයන් හදුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවද කෙටි පැහැදිලි කිරිමක් සිදු කළේය.

සම්මුඛ පරීක්‍ෂණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම සංවිධානය මගින් සිදු කරනු ලබන ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තිය භාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුභසාධනය මෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සිදු කිරිම තම අපේක්‍ෂාව බවයි.

තවද තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවට ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා එහිදි තරයේ කියා සිටියේය. Buy Sneakers | Nike News