Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2019 16:13:20 Hours

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි

(මාධ්‍ය නිවේදනය)

අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝගයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර තබන ලෙස දැනුම් දී ඇත.

එම නිවේදනය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්, සියලුම යුද්ධ හමුදා ආයතන දැනුවත් කරන ලෙස, යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂකවරයාට උපදෙස් ලබා දී ඇත. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පළමූ ආයතන අතර යුද හමුදාව ප්‍රමුඛත්වයක් ගනී. (නිමාව)Sports Shoes | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD