20th November 2019 11:20:38 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (18) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමවරට හමුවිය.
මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ලෙස තේරීපත්වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට සිය සුබ පැතුම් පිරිනැමූ අතර සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස ගනු ලබන මාර්ගෝපදේශයන්ට අනුව ජාතික කටයුතු සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය සැමවිටම ලබාදෙන බවට සහතික විය.
නව ජනාධිපතිතුමන්ගේ රාජකාරී භාරගැනීමට සමගාමීව පැවැති මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නව ජනාධිපතිතුමන් වෙත චෛත්‍යයක අනුරුවක් සහිත සමරුතිළිණයක් ප්‍රදානය කරන ලදී. jordan Sneakers | Air Jordan