Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2019 18:55:07 Hours

විශේෂ භෝජන සංග්‍රහයේ දී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ අනෙකුත් නිලධාරීන් නික්ම යන ජනාධිපතිතුමන්ට ගෞරව පුද කරයි

තවත් නොබෝ දිනකින් ජනාධිපති ධූරයෙන් නික්මයාමට නියමිත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ගෞරව දැක්වීම පිණිස ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේදී විශේෂ භෝජන සංග්‍රහයක් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේ පවත්වනු ලැබීය.

මෙම විශේෂ භෝජන සංග්‍රහය ජනාධිපති ආර්යාව, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සොනියා කෝට්ටේගොඩ මැතිණිය, යමුනා විජේගුණරත්න මැතිණිය හා සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, ජනාධිපතිතුමන් රටට සහ ත්‍රිවිධ හමුදාවට කළ සේවය අගයමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. අතිගරු ජනාධිපතිතුමන්ගේ සිව් වසරක ධූර කාලය තුළ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් සිදුකළ ප්‍රශංසනීය සේවය ඇගයුමට ලක් කරමින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න විසින් විශේෂ සමරු තිළිණයක් නික්ම යන අතිගරු ජනාධිපතිතුමන්ට ප්‍රදානය කළේය.

මෙහිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිදුකළ දේශනයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ අතර ඔවුන්ගේ අනාගත කටයුතු පිළිබඳව ද සිය සුබපැතුම් එක් කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ වැදගත් සිදුවීම් මෙන්ම ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදුකළ සේවය ඉස්මතු කරන වාර්තාමය වීඩියෝ පටයක් උත්සවය අතරතුරදී ප්‍රදර්ශනය කෙරිණි. Sports News | Nike SB