Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2019 14:51:27 Hours

කිලිනොච්චි භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිකුරාදා (18) දින කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියයකට අධික භටපිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සරඹ භූමියේ දී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාව පිළිබඳ සහ අපේක්ෂිත සුභසාධන ව්‍යාපෘති පිළිබඳ එතුමන්ගේ දැක්ම විග්‍රහ කරමින් සෑම සොල්දාදුවෙකුම වෘත්තීය විශේෂතාවයන් තුළින් පූර්ණ ප්‍රතිලාභ ලබාගෙන උසස් විනය හා කැපවීමෙන් යුතුව සේවය කළ යුතු බවට ද එතුමන් සඳහන් කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී පැවති සියළු නිල තේ පැන් සංග්‍රයට එක් වෙමින් රැස්ව සිටි නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳ විමසා සිටියහ.Sports brands | Nike Shoes