Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2019 17:46:56 Hours

‘තුරු සිරස’ රුක් රෝපණ වැඩසටහන යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හිදි

දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්‍ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘සිරස’ නාලිකාව සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන අතර කිලිනොච්චි සහ යාපනය අර්ධද්වීපයේ දැවැන්ත රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යුද්ධ හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (15) දින උදෑසන සිරස නාලිකාවේ විකාශය වූ ‘ජීවිතයට ඉඩදෙන්න’ සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් පැවසීය.

නිවේදකයින් දෙදෙනෙකු සමඟ පුරා මිනිත්තු 90 කට ආසන්න කාලයක් පැවැති මෙම සම්මුඛ සාකච්ඡාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉදිරි දැක්ම, යුද පිටියේ මතකයන්, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති ලෙස රාජකාරී කල ධූර කාලය, යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සුභසාධන ප්‍රතිලාභ වැඩිකිරීමට සිදුකරනු ලබන අදහස්, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වලට හා තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන්, යුදබිමේ අත්දැකීම් සහිත නැගි එන හමුදා නිලධාරීයෙකු ලෙස එතුමන්ගේ මතකයන්, ළමා කාලය,  ක්‍රීඩාවට දායකවීම, පාසල් අවධියේදී ශිෂ්‍ය භටයෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මතකයන් මෙන්ම කිලිනොච්චි හා යාපනය ප්‍රදේශයේ සිදුකරනු ලබන රුක් රෝපණ වැඩසටහන් සහ තවත් වැදගත් ව්‍යාපෘතින් කිහිපයක් පිළිබඳ අදහස් දැක්විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ දැක්මට අනුව ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීමට සහ සංහිඳියාවට දායකවීම, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අධ්‍යාපනය හා හැකියාවන් වර්ධනය කිරීම, සියලුම නිලයන්ගේ වෘත්තීමය ප්‍රගතිය සැලසීම, විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිවිල් ජීවිතයට අවතීර්ණවීමට පහසුකම් සැලසීම, නිලධාරීන් හා සෙසු නිලයින්ගේ සුභසාධනය දියුණු කිරීම හා යුද්ධ හමුදාව නවීකරණය හා යාවත්කාලීන කිරීම යන අභියෝගාත්මක කරුණු 07 පිළිබඳව මෙම අවස්ථාවේදී සිහිපත් කළේය.

(මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව බලන්න)Nike Sneakers | Nike for Men