Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2019 14:53:44 Hours

යුද්ධ හමුදා 70 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්

70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්-හජ් මොහොමඩ් කලීල් පියතුමන් සහ පල්ලියේ භාරකාර මණ්ඩලයේ ලේකම් ඇතුළු සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේවමෙහෙය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ව දේවස්ථානය තුළට කැඳවාගෙන යනු ලැබීය.

ඉන් අනතුරුව,  භාෂා ත්‍රිත්වයෙන් සිදුකළ පිළිගැනීමේ දෙසුමේදී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවන්හි වැදගත්කම පැහැදිලි කරදෙන ලද අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු දේවස්ථාන භූමිය තුල අනතුරුව යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයන්’ (ආගමික දේශනය) පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද පිරිනමන ලදී. කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ සලමන් ඉසඩින් ඉමාම් මවුලවිතුමන් විසින් විශේෂ ස්තෝත්‍ර යාතිකා කිරාත් (Qirath) යාඥාවක් සහ ආදම් බාවා මොහොම්මඩ් රිස්වාන් ඉම්මා මවුලවිතුමන් විසින් 'දුආ' (Dua) ආශිර්වාද යාඥාවක් පිළිවලින් පවත්වමින් යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කරන ලදී.

එම අවස්ථාවේදී, අල්-හජ් මුස්ලිම් සලාහුදීන් භාරකාර මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් ප්‍රදානය කළේය. එලෙසම, භාරකාර මණ්ඩලයේ ලේකම් අල් හජ් අයි.එස්. හමීඩ්, ශුද්ධ වූ අල් කුර්ආනයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රදානය කළේය.

ආගමික උත්සවය අවසානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉස්ලාමීය පූජනීය ස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල අතර රට තුළ පවතින සහජීවනය, සමගිය සහ සංහිඳියාව පිළිබඳව මවුලවිතුමන්ලා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ආගමික උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූ අතර මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ මුස්ලිම් ආගම අදහන සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

අද දින පැවති මෙම උත්සවය 70 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබු සිව්වන ආගමික උත්සවය වන අතර යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද පැතිමේ ආගමික උත්සවයන් මීට පෙර මහනුවර දළදා මාළිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස සහ බොරැල්ල කතෝලික දේවස්ථානයේ දී පවත්වනු ලැබීය. Nike shoes | Nike Air Max 270