Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2019 19:40:56 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී නිලධාරීන් සහ සෙසුනිලයින් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සෙනසුරාදා (29) දින සන්ධ්‍යාවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී නිලධාරීන් සහ සෙසුනිලයින් අමතමින් එතුමන්ගේ දැක්ම සහ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි කළේය.

එතුමන් නිලධාරීන්ට සිදුකළ දේශනයේ කොටසක් පහතින් දැක්වෙයි;

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත මා පැමිණි පළමු සංචාරයේදී ඔබ ඇමතීමට මෙම අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙමි. තවද, මා පැමිණි පසු හමුදා සම්ප්‍රදායන් සහ නොමසුරු ආගන්තුක සත්කාරය දැක්වීම පිළිබඳව ආඥාපති ඇතුළු වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලධාරීන්ට මාගේ අවංක ස්තූතිය පුද කරමි.

ආරම්භයේදීම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය අද පවතින උසස් තත්වයට ගෙන ඒම සඳහා හිටපු ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් සහ සියලුම නිලධාරීන් විසින් කරන ලද පරාර්ථකාමී දායකත්වය වෙනුවෙන් මාගේ ප්‍රශංසාව ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකාවේ යුධ ඉතිහාසය පිළිබඳ මගේ අවබෝධයට අනුව, වන්නි ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව තීරණාත්මක සටන් රාශියක් දියත් කර අවසානයේ අපගේ ආදරණීය මාතෘභූමියෙන් කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් තුරන් කරන ලදී. රටට සාමය හා සමගිය උදාකරගැනීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් වන්නි ප්‍රදේශයේදී සටන් කොට ජීවිත පරිත්‍යාග කළ අතර විශාල ප්‍රමාණයකට තුවාල සිදුවිය. එහිදී, නිර්භීතව සටන් කර මාතෘභූමිය වෙනුවෙනි දිවිපිදු හෝ තුවාල ලැබූ සියලුම විරෝදාර නිලධාරීන් සහ සෙබළුන්ට මගේ ගෞරවනීය උපහාරය පුදකරමි. ඔවුන්ගේ උපරිම කැපවීම, නිර්භීතකම සහ අප්‍රතිහත ධෛර්යය සහජ නායකත්වය සමඟ මුසු නොවුනේ නම්, මෙම දේශයට සාමය හා සමගිය ගෙන ඒමේ අපගේ ප්‍රධාන අරමුණ කිසි විටෙකත් ඉටු නොවනු ඇත.

අද පමණක් නොව, ගැටුම් සමයේදී පවා වන්නි ප්‍රදේශය අපගේ සන්නද්ධ හමුදාවන්ට ඉතා වැදගත් වී තිබේ.  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එය වැදගත් වන්නේ එය මන්නාරමේ සිට පුල්මුඩෙයි දක්වාත්, අලිමංකඩ සිට අනුරාධපුර දක්වාත් ව්‍යාප්ත වූ විශාලතම ප්‍රදේශයක් බැවිනි. වර්ෂ 2009 වන තුරු අපට තිබුණේ ආරක්‍ෂක සේනා මූලස්ථාන 5 ක් පමණක් බව අපි කවුරුත් දනිමු. වර්ෂ 2009 දී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය පිහිටුවන තෙක් යුද්ධ හමුදාවට උපායමාර්ගිකව හා භූගෝලීය වශයෙන් වැදගත් වන මෙම ප්‍රදේශ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් විය.

වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට යාපනයේ පාලනය අහිමිවීමෙන් පසු ඔවුන්ගේ පරිපාලන කේන්ද්‍රස්ථානය, ආර්ථික මධ්‍යස්ථානය සහ කිලිනොච්චි හි පිහිටි එල්.ටී.ටී.ඊ නායකයාගේ නිවස පවා ස්ථාපිත කර ඇති බැවින් මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වී තිබේ. එබැවින්, යුද්ධයේ අවසන් අදියර කරා යන ගමනේදී වන්නි කෙරෙහි අපගේ ප්‍රධාන අවධානය යොමු විය.

නෝනාවරුනි මහත්වරුනි,

අද ආරක්‍ෂක සන්දර්භය වෙනස් වී ඇති නමුත් මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ වැදගත්කම කිසිවිටෙකත් වෙනස් වී නැත. යුද්ධයෙන් පසු ඵලදායී අණ, පාලනය සහ පරිපාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ප්‍රදේශයෙන් සමහර කොටස් කිලිනොච්චි සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත ලබා දී ඇතත්, වගකීම් ක්ෂේත්‍රය අනුව වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය තවමත් යුද්ධ හමුදාවේ විශාලතම ආරක්‍ෂක බලකාය වේ. සමහර උපායමාර්ගික අවශ්‍යතා නිසා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වඩාත් කැපී පෙනෙන ආරක්‍ෂක සේනා මුලස්ථානයක් ලෙස දිගටම පවතිනු ඇතැයි මට විශ්වාසයි. මා දැන් සඳහන් කළ දේ සනාථ කිරීම සඳහා උදාහරණ කිහිපයක් ගෙන ඒමට මට ඉඩ දෙන්න. වසර 2500 ක ඉතිහාසයක් සහ තවත් පූජනීය ස්ථාන මෙන්ම විවිධ ජනවර්ගයන්ගෙන් පොහොසත් සංස්කෘතික විවිධත්වයක් ඇති ශ්‍රී ජයමහා බෝධිය පූජනීය ස්ථානයකි. එබැවින්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවය කරන නිලධාරීන් වශයෙන් ඔබ මහජනයා අතර සහජීවනය සහ ප්‍රතිසන්ධානය ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරයි.

නෝනාවරුනි මහත්වරුනි,

ඒ සමඟ මගේ දැක්ම බෙදාගැනීමට මට ඉඩ දෙන්න. ඔබට මතක ඇති, මා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වූ විට, මගේ අනාගත දැක්ම ලෙස මා සැලකිලිමත් විය යුතු ප්‍රධාන අංශ කරුණු හතරක් සඳහන් කළෙමි.

1. පළමු අවධානය යොමු වී ඇත්තේ රටේ ආරක්‍ෂාව කෙරෙහිය. අපේ මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු වසර දහයකට ආසන්න කාලයක් පැවති රටේ සාමකාමී සහජීවනයට පාස්කු ඉරිදා ප්‍රහාරය බාධා කළ බව අපි කවුරුත් දනිමු. අප අනාරක්‍ෂිත බව වටහා නොගෙන අපගේ උපරිමයෙන් සාමය භුක්ති වින්දා. කෙසේ වෙතත්, අපගේ ත්‍රිවිධ හමුදාව සමඟ කඩිනම් හා නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමෙන් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට සහ කෙටි කාලයක් තුළ මහජනතාවගේ ආරක්‍ෂාව යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි විය. හමුදාවේ සාමාජිකයන් වශයෙන්, අනාගතයේ දී ඇතිවිය හැකි එවැනි ප්‍රහාරයන් වලක්වා ගත හැකි තර්ජන පිළිබඳව අප විමසිලිමත් විය යුතුය. කෙසේ වෙතත්, අපේ රටේ අනාගතය පිළිබඳ පටු වාසි සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙම තත්ත්වයෙන් අනවශ්‍ය වාසි ලබාගැනීමට අපි කිසිවිටෙකත් ඉඩ නොදිය යුතුය.

අප දශක තුනකට අධික කාලයක් කුරිරු ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳි අතර දැන් සාමය හා සමගිය භුක්ති විඳින ජාතියකි. ත‍්‍රස්තවාදය තුරන් කළ රටක් ලෙස අපි අපේ රට ලෝකයට ආදර්ශයක් බවට පත් කළෙමු. එය සැබවින්ම අප සැමට විශාල ජයග්‍රහණයක් වන අතර අපගේ භූමිය තුළ තිරසාර සාමය සහතික කිරීම සඳහා අපගේ උපරිමය කළ යුතුය.

2. දෙවැන්න නම් අපේ රටේ සියලුම ජනවාර්ගික හා ආගම්වල ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ආරක්‍ෂාවයි. ගැටුම අවසන් වූ දා සිට, පශ්චාත් ගැටුම් සිදු වූ අවස්ථාවේ හමුදා ක්‍රියාකාරකම් සඳහා අපගේ පූර්ණ හැකියාවෙන් කටයුතු කළෙමු. එනම්, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, සමාජ ආර්ථික හා කලින් ගැටුම් පැවති ප්‍රදේශවල අවතැන්වූවන් සහ ප්‍රජාව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය. මෙම ක්ෂේත්‍රයන්හි අපගේ කැපවීම හා විශේෂත්වය සෑම ප්‍රජාවක් සමඟම අප ගොඩනගා ඇති ශක්තිමත් හමුදා සිවිල් සම්බන්ධතාවය තුළින් දැකගත හැකිය. ජනවාර්ගිකත්වය සහ ආගම මත පදනම් වූ සමාජ බාධක ඉවත් කරන අතරම පුරවැසියා තවදුරටත් ආරක්‍ෂා කිරීම සඳහා අපගේ උත්සාහය අඛණ්ඩව කළ යුතුය.

3. තෙවැන්න හමුදාවේ සංවර්ධනයයි. වර්තමාන ඉල්ලීම්වලට සරිලන සේ හමුදාව පරිවර්තනය කළ යුතු සාමකාමී සන්දර්භයක අපි දැන් සිටිමු. වසර ගණනාවක් තිස්සේ අපගේ කාර්යභාරය සහ වගකීම් වෙනස් කර ඇත. ඒ අනුව, ලෝකයේ නවීන හමුදාවන්ට සමගාමීව කටයුතු කිරීම සඳහා පරිපාලනය, සැපයුම්, පුහුණුව සහ සංවර්ධනය සඳහා නව ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට මම අදහස් කරමි.

4. සිව්වැන්න හමුදාවේ සියලුම සාමාජිකයින්ගේ යහපැවැත්මයි. මෙම සංවිධානයේ සියලුම සාමාජිකයින්ගේ යහපැවැත්ම ඉතා වැදගත් වේ. අපගේ සාමාජික ප්‍රජාව සම්බන්ධයෙන් ගත් කල, සේවය කරන සෙබළුන්, සෙබළියන්, විශ්‍රාමිකයන්, තුවාල ලැබූවන් සහ සිවිල් සේවකයින් ඇතුළු ක්‍රියාන්විතයෙන් දිවිපිදු විරෝදාර විරුවන්ගේ පවුල් අපගේ සංවිධානයේ ආඩම්බර සාමාජිකයෝ වෙති.

එම කාරණා සාක්‍ෂාත්කරණය හා සවිබල ගැන්වීම උදෙසා යොදා ගත හැකි සංකල්ප 07 ක් අප විසින් යෝජනා කර ඇත. එනම් ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොනැගීමට සහ සංහිඳියාවට දායකවීම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හා හැකියාවන් වර්ධනය කිරීම, සියලුම නිලයන්ගේ වෘත්තීමය ප්‍රගතිය සැලසීම, විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිවිල් ජිවිතයට අවතීර්ණවීමට පහසුකම් සැලසීම, නිලධාරීන් හා සෙසුනිලයන්ගේ සුබසාධනය දියුණු කිරීම හා යුද්ධ හමුදාව නවීකරණය හා යාවත්කාලීන කිරීම යන කරුණු වේ. buy shoes | Air Jordan