Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2019 21:24:43 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ‘ශ්‍රී ලංකා ගුවන් සේවය’ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගෙන යන ගමන් මලුවල බර තවත් කිලෝ 5 කින් වැඩිකිරිමට එකඟවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය හොබවමින් සිටියදී කළ ඉල්ලීමකට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ජාත්‍යන්තර ‘ශ්‍රී ලංකා ගුවන් සේවය’ විදෙස් ගතවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගෙන යන ගමන් මලුවල බර තෝරාගත් ගමනාන්ත සඳහා තවත් කිලෝග්‍රෑම් පහකින් වැඩි කිරීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා හා ඉන්දියන් සාගර කලාපයේ කලාපීය කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා, රජයේ සංචාරක කළමණාකරු දීපාල් පල්ලේගංගොඩ මහතා සහ රජයේ විධායක (රජයේ සංචාරක හා මහජන කටයුතු) චාමර හෙට්ටිආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියෝජිතයින් කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී මෙම දීමනාව ලබාදීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇත. යුද්ධ හමුදා සාමාජිකයින් සෑම වසරකම විදේශ පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ සහ වැඩමුළු වැනි ඉලක්ක හතරක් යටතේ රටවල් කිහිපයක් සඳහා පිටත්ව යයි.

විදේශීය පුහුණු පාඨමාලා සඳහා පිටත්ව යන විට කිලෝග්‍රෑම් 30 ක පුද්ගලික ගමන් මලුවලට අමතරව යුද්ධ හමුදා සාමාජිකයින් රැගෙන යා යුතු අත්‍යවශය උපාංග සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු මස මැද භාගයට පෙර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරමින් සිටියදී යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නොමිලේ රැගෙන යාහැකි ගමන් මලුවල බර ප්‍රමාණය වැඩි කරනදෙන ලෙස ‘ශ්‍රී ලංකා ගුවන් සේවය’ වෙතින් මෙම ඉල්ලීම කර ඇත.

තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ අනෙකුත් දකුණු ආසියානු රටවල්හි පුහුණුවීම් සඳහා යන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 2019 ජූලි 30 දින සිට ක්‍රියාත්මක වන පරිදි ‘ශ්‍රී ලංකා ගුවන් සේවය’ කිලෝග්‍රෑම් 5 ක නොමිලේ ගමන් මලු දීමනාව ලබා දී තිබේ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මෙම ධනාත්මක ක්‍රියාව පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර මෙම අවශ්‍යතාවය පිළිබඳව ඔවුන් ලබාදුන් ගිවිසුමට අදාළ නිල ලේඛනය සංකේතාතමකව භාරගත්හ. latest jordans | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp