Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2019 17:39:51 Hours

"අපගේ ජනතාව අන්තර්ජාලය භාවිතයත් සමඟ අසත්‍ය තොරතුරු ලබාගැනීමේ අවදානමට ලක්ව ඇති බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවයක් එක්කරමින් අද (24) දින උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වූ ‘7 වන වාර්ෂික සයිබර් ආරක්‍ෂණ සමුළුව - 2019’ හි සමාරම්භක දේශනය සිදුකිරීම සඳහා ගෞරවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

ලොව වඩාත් ප්‍රචලිත ඩිජිටල් තර්ජනයක් වන ‘සයිබර් ආරක්‍ෂාව’ කළමනාකරණය පිළිබඳ ඉගෙනීමේ අරමුණින් ඒකාබද්ධ සන්නිවේදන පර්යේෂණ හා උපදේශන කේන්ද්‍රය (Centre for Integrated Communication Research and Advocacy) සහ ඩේලි පයිනෑන්ෂල් ටයිම්ස් (Daily Financial Times) ඒකාබද්ධව සංවිධානය කර ලද දෙදින සයිබර් ආරක්‍ෂණ සමුළුව ආචාර්ය සෑම් බොව්න් (Dr Sam Bowne), විපින් සුරේලියා මහතා (Mr Vipin Sureliya), බයිරව් ආචාර්ය මහතා (Mr Bhairav Acharya), අෂ්රෆ් අලි මහතා (Mr Ashraf Ali), එන්. වීරසිංහ මහතා (Mr N. Weerasinghe), ආතර් වෙයින්ස්ටෙයින් මහතා (Mr Arthur Veinstein), තූවාන් තෙන්ග් (ටීටී) ෆූ මහතා (Mr Tuan Tong (TT) Foo), උඩි ෂේක්ඩ් මහතා (Mr Udi Shaked) සමඟින් ශ්‍රී ලාංකික විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් ද ඇතුළුව රටවල් කිහිපයක ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයින් විසින් ඇමතීමට නියමිතය.

දෙදිනක් පුරා (සැප්තැම්බර් මස 24 සහ 25 දින) පැවැත්වෙන මෙම සැසිවාරයේදී ‘ඩිජිටල් බුද්ධිය සෑදීම සඳහා: ලෝකය සාමය සුරක්‍ෂිත කිරීම’ (Digital Intelligence for Making: The World a Safer Place’, ‘මූල්‍ය සේවා සඳහා අයි.ඕ.ටී. ආරක්‍ෂාව’ (IOT Security for Financial Services), ‘ඩිජිටල් අධිකරණ විමර්ශන ගතිකය’ (Digital Forensic Investigation Dynamics) සහ බහු සමාජ ජාලවල ආරක්‍ෂාව සුසර කිරීම’ (Tuning-up Security in Plural Social Networks) යන කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි.

මෙම සමුළුවේ සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශනය සිදුකරමින් ශ්‍රී ලංකාවේ පරිගණක භාවිතා කරන අනුපාතය සහ අන්තර්ජාලය භාවිතා කිරීමේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර බොහෝ අංශ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සමාජ සහජීවනය අස්ථාවර කිරීමට උත්සාහ කරන බැවින් රටේ ජනතාව අසත්‍ය තොරතුරුවලට ගොදුරු වන බව පෙන්වා දුන්නේය. “සමාජ මාධ්‍ය ඉදිරිපිටට පැමිණෙන නොමඟ ගිය තරුණයන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට වඩා භයානක වනු ඇත. එපමණක් නොව, සමාජ මාධ්‍යවලින් මතුවන විවිධ තර්ජන ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ බරපතල අවධානයට ලක් වී තිබේ. සමාජ මාධ්‍ය භාවිතා කරනුයේ සංජනනය වෙනස් කිරීමට සහ සමාජයේ යහපැවැත්මට එරෙහිව ඇතිවන විවිධ හානිකර මතවාදයන් උසිගැන්වීමටය,” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“මා ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදාව නියෝජනය කරන බැවින් හමුදාවට සයිබර් ආරක්‍ෂාවේ බලපෑම පිළිබඳව යම් යම් අදහස් බෙදාගැනීමට මට ඉඩ දෙන්න. යුද්ධය පරම්පරාවෙන් පරම්පරාවට පරිණාමය වී ඇති අතර අද වනවිට බලවත් රටවල් අන්තර්ජාල කේන්ද්‍රීය යුද්ධ සහ සයිබර් යුද්ධ සඳහා අවධානය යොමු කරන්නේ අභ්‍යවකාශය ආයුධ නිකුත් කිරීමේ අංගයක් බවට පත්වෙමින් පවතින හෙයිනි.” යැයි යුද්ධ හමුදාධිපති මෙහිදි අවධාරණය කරනු ලැබීය.

“ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අපගේ රාජකාරියෙන් ඔබ්බට සෑමවිටම කටයුතු කර ඇති බව මම ආඩම්බර වෙමි. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතියේ රැකවලා ලෙස වඩාත්ම දක්‍ෂ හා විශ්වාසනීය වන අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ප්‍රධාන සාධකයක් ලෙසත් පවතී. ආර්ථික, කර්මාන්ත, සංස්කෘතික, සමාජීය, ආගමික සහ ජාතික ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල අවිධිමත් යුද පිටියක් නිර්මාණය කරන සයිබර් අවකාශයට අනුගතවන පරිදි මෑත කාලීන තාක්‍ෂණික දියුණුවත් සමඟ යුද්ධ හමුදාව සිය සන්නිවේදන හැකියාවන් සහ බුද්ධි ක්‍රියාකාරකම් පරිවර්තනය කර ඇති බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සමඟ එක්ව ඒකාබද්ධ සන්නිවේදන පර්යේෂණ හා උපදේශන කේන්ද්‍රය (Centre for Integrated Communication Research and Advocacy) හි සමුහ අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී භූෂන් දයාරත්න මහතා (Mr. Boshan Dayaratne), ඩේලි පයිනෑන්ෂල් ටයිම්ස් (Daily Financial Times) හි කර්තෘ හා ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම් මහතා (Mr. Nisthar Cassim), ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ පරිගණක තොරතුරු පද්ධති සමාගමේ (Computer Information System Company) දෙරට කළමනාකරු ජෙරල්ඩ් වේදනායගම් මහතා (Mr. Gerald Vethanayagam) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වීසා බලපත්‍රයේ දෙරට කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා (Mr. Anthony Watson) විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ප්‍රවීණ කථිකයින් සහ කමිටු සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ FIU හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අයේෂ් ආරියසිංහ මහතා, LOLC සමුහ ව්‍යාපාරයේ සාමාජික LOLC තාක්‍ෂණික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කොන්රූඩ් ඩයස් මහතා (Conrad Dias), හැටන් නැෂනල් බැංකුවෙහි ප්‍රධාන අවදානම් නිලධාරි දමිත් පල්ලවත්ත මහතා, ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායමේ (SLCERT) සභාපති මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සියේ නීති අධ්‍යක්‍ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා, ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම විධායක උප සභාපති රමේෂ් ෂන්මුගනාදන් මහතා, ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමේ (SLCERT) ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා මහතා මෙම සැසිවාරයට දායක වීමට නියමිතය. Running sports | Nike for Men