Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2019 14:54:20 Hours

භටපිරිස් කැකිරාව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පාසලක් වෙත සංගීත භාණ්ඩ පරිත්‍යාග කරයි

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් කැකිරාව, ගල්කුලම කහපත්විලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට සංගීත භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා මැණික් කර්මාන්තයේ ව්‍යාපාරිකයෙකු වන ලාල් කුඩාගම මහතා විසින් අනුග්‍රහය දක්වා ඇත.

කහපත්විලගම ප්‍රාථමික පාසලේ තූර්ය වාදක කණ්ඩායම උණ බම්බු සහ වෙනත් දේශීයව සකස්කරගන්නා ලද සංගීත භාණ්ඩ භාවිතා කරන බව යුද්ධ හමුදා සාමාජිකයින් ට නිරීක්‍ෂණය විමත් සමඟ එම දුෂ්කර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුන්ගේ සහජ කුසලතා හඳුනා ගැනීමෙන් අනතුරුව 21 වන සේනාංකය මූලික පියවර ගෙන මැණික් කර්මාන්තයේ දානපතියෙකු සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම මහගු කාර්යය සිදු කරනු ලැබීය.

තවද එම අනුග්‍රාහකත්වය දැක් වූ දානපතියා විසින් සීමිත සිසුන් පිරිසක් සඳහා නවීන සංගීත භාණ්ඩ තොගයක් ද එදින පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග ශීලි වැඩසටහන කහපත්විලගම ප්‍රාථමික විද්‍යාලයේ පැවති කෙටි උත්සවයකදී ඉකුත් සඳුදා (9) දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන සහ අනුග්‍රහකත්වය දැක් වූ දානපතියා ද සහභාගී විය.

මෙම උත්සව අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු කහපත්විලගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ. latest jordan Sneakers | jordan Release Dates