Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2019 23:43:16 Hours

දියකාවා යුද අභ්‍යාසයෙහි 17 වන පුහුණු මෙහෙයුම සාර්ථකව දියත් කරමින් කොළඹ වාණිජ නගරයට ඇතුළු වේ

කොළඹ හදවත බදු මහ බැංකු සංකීර්ණයට ත්‍රස්තවාදීන් 7-12 අතර කණ්ඩායමක් ඇතුළු වී එහි සිටින සිවිල් වැසියන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ මගින් ලද තොරතුරකට අනුව සැප්තැම්බර් මස 13 වන‘දියකාවා යුද ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ 17 වන පුහුණු මෙහෙයුම දියත්කෙරේ.

ඒ අනුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ටී -56 ගිනි අවි, එල්එම්ජී ගිනි අවි, පිස්තෝල, අත් බෝම්බ, සැඟවුණු වෙඩික්කරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය වලින් සන්නද්ධව සිටි අතර ප‍්‍රාණ ඇපකරුවන් නිදහස්කිරිම සඳහා ඇමරිකානු ඩොලර් 100,000.00 ක කප්පමක් ඉල්ලා සිටියහ. මේ පිළිබඳ සැල වූ වහාම නාගරික සටන් කුසලතා පිළිබඳ මනා දැනීමක් ඇති විශේෂ බලකා සෙබළුන් ඔවුන් සතුව ඇති සටන් හැකියාව මනාව පෙන්වමින් බැංකු අධ්‍යක්ෂවරයා සමඟ ගොඩනැගිල්ල තුළ සිරවී සිටී බැංකු සේවකයින් බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළහ.

මෙම පුහුණු මෙහෙයුමේ දී බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් එම ගොඩනැගිල්ල මුදුනට භටයින් 8 දෙනෙකුගෙන් සහ භටයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් පැමිණ දියත් කරනු ලැබූ තියුණු පුහුණු මෙහෙයුමකින් අනතුරුව බැංකු සේවකයින් සහ ගොඩනැගිල්ල ත්‍රස්තවාදි ග්‍රහණයෙන් මුදාගැනීමට සමත්විය.

දියත් කරනු ලැබු පුහුණු මෙහෙයුම නැරබීම සඳහා අභ්‍යාස අධ්‍යක්ෂවරයා සහ යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පැමිණ සිටිහ.Sneakers Store | Zapatillas de running Nike - Mujer