Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2019 10:12:53 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී සුහද සාකච්ඡාවක නිරතවේ

මෑතක දී නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් තම නිල උසස් වීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ඔවුන්ගේ උපහාරය පුදකිරිමේ අරමුණින් යුතුව ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙලෙස නව උසස්වීම් ලැබු නිළධාරීන් වන, පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඩි.ආර් ධර්මසිරි, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යූ.ඩී ජයසිංහ, ඉදිරි නඩත්තු පෙදෙස මුලතිව් ආඥාපති සී.කේ හදුන්මුල්ල, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඒ.එම්.එස්.බී අතපත්තු, ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් ඒ.ඩී ඇල්වත්ත හා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත විය.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව උසස්වීම් ලැබූ නිලධාරීන්ට සිය උණුසුම් සුබ පැතුම් එක් කරමින් එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ වගකීම් වඩාත් කැපවීමෙන් හා රටේ ඉදිරි ගමන වෙනුවෙන් උපරිමයෙන් ඉටු කරන ලෙසයි. එම අවස්ථාවෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් වෙත සකේතාත්මක සමරුතිළිණ සිහිවටන ප්‍රධානය කරනු ලැබිණි. හමුව අවසානයේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් සමග සමුහ ජායාරූපයකට ද පෙනි සිටියහ.Mysneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov