Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 08:11:34 Hours

චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියැන්වෙල් (Senior Colonel Xu Jianwel) අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, චීන හමුදාව විසින් දැනටමත් ලබා දී ඇති වැඩසටහන්වලට අමතරව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා විවිධ පුහුණු වැඩසටහන් සහ අනෙකුත් හමුදාවන් අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගැනීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලදී.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා චීන හමුදාව විසින් පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ අතර අනාගතයේ දී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවාක් ද සිදුවිය. තවද මෙම අවස්ථාව සඳහා චීන තාතාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක නිලධාරී ද සහභාගී වූහ. Nike air jordan Sneakers | Sneakers