Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2019 19:59:16 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ උපාධි සහතිකපත් ප්‍රදානය සඳහා සහභාගි වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස නවතමයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් අද (22) දින මධ්‍යහනයේ කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ උපාධි සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 05 සාර්ථකව හැදෑරු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 01 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 01 ක්, බංගලාදේශය, පකිස්තානය, සිම්බාම්වේ (කාන්තා නිලධාරීනියක්) සහ මාලදිවයින (කාන්තා නිලධාරීනියක්) යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 36 දෙනෙකු මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ දී විසිරගියහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් එච්.ඒ.එම්. ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

උත්සව කටයුතු ආරම්භ කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. එහිදී, භඨකාර්ය සම්පාදන විද්‍යාලය පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව පිළිගැනීමේ දේශනය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් එච්.ඒ.එම්. ප්‍රේමරත්න විසින් සිදුකරනු ලැබීය.

ඉන් අනතුරුව, උපාධිලාභීන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට වේදීකාවට ආරාධනා කරන ලදී.

මෙම පාඨමාලාවේ ‘හොඳම ශිෂ්‍යයා’ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් එන්.ඩි.යු.අයි.ඩි. ද සිල්වා තේරීපත්වූ අතර පාඨමාලාවේ ‘හොඳම භඨකාර්ය සම්පාදන සැලසුම්කරු’ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් එම්.පී. සිරිවර්ධන තේරීපත් විය.

සම්මාන ප්‍රදානය කර අවසානයේදී, නව යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින් හමුදා වෘත්තිය තුලදී ඉතා වැදගත් අංශයක් වන භඨකාර්ය සම්පාදන ක්ෂේත්‍රය හොඳින් අධ්‍යනය කළ උපාධිධාරී සිසුන්ගේ කැපවීම පැසසුමට ලක් කළහ.

එමෙන්ම, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ඒච්.ඒ.ඒම්. ප්‍රේමරත්න විසින් ‘ගෝල්ඩන් ලොග්’ (Golden Log) සඟරාව එළිදැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළ අතර ඉන් අනතුරුව, එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

උත්සව කටයුතු අවසන්වීමට ප්‍රථම ජාතික ගීය ගායනා කළ අතර ඉන් අනතුරුව සියලුදෙනා සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති, හමුදා ලේඛම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.jordan Sneakers | Air Jordan Release Dates 2020