Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2019 18:02:59 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් පත් කිරීම හේතුවෙන් විදේශීයන් දැක් වූ අදහස් ‘අනවශ්‍යය හා පිළිගත නොහැකි’ ප්‍රකාශයන් බවත් එය ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

නව යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රධානියා විසින් රාජ්‍ය ස්වෛරීත්වය පදනම් කොටගත් තීරණයක් බැවින් උක්ත තීරණය සබැඳිව බලපෑම් කිරීමට උත්සහ කරනු ලබන රාජ්‍ය නායකයින් සහ විදේශීය ආයතනයන් විසින් කරනු ලබන බලපෑම් ‘අනවශ්‍යය හා පිළිගත නොහැකි’ බවට සඳහන් කරමින් අඟහරුවාදා (20) දින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින් දක්වා ඇත.

මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ;

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි.

විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.

චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ. ‍

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ.

2019 අගෝස්තු 20 වැනි දින bridgemedia | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers