Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2019 14:36:16 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව උපයෝගිතා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එහි අධ්‍යයන ප්‍රවීණයන් ඇගයීමට ලක් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රමුඛතම ඉගෙනුම් පුහුණු පාසල සහ ආරක්‍ෂක සේනා සහිත බලකොටුව පිහිටා ඇති දියතලාව නගරයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන ප්‍රවීණයන් ඉකුත් ඉරිදා 11 දින යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට දිගු කලක් තිස්සේ අවශ්‍ය වූ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සම්පූර්ණ කරමින් අති නවීන නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය (දැකුම්කලු පන්ති කාමර සංකීර්ණය) එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සුරතින් චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී.

අනතුරුව එම අවස්ථාව සඳහා එක් වූ ප්‍රවීණ විද්වතුන් වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් උදය පෙරේරා, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජගත් අල්විස්, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් වී. එන්. කොස්වත්ත, (විශ්‍රාමික)  ලුතිනන් කර්නල් වසන්ත පමුනුව (පාඨමාලා නිලධාරී) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ආකර්ශනීය භූ දර්ශනය හා එහි ස්වාභාවික පසුබිම හා වටපිටාව සමඟ ගැලපෙන නව දැකුම්කලු පන්ති කාමර සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කළේය.

මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළ එහි පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන් සඳහා පරිගණක පුහුණුව ලබා ගත හැකි නව තොරතුරු තාක්ෂණ අංශයකින්ද සමන්විතය. අනතුරුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්. කේ. ඊශ්වරන් ගේ ආරාධනයෙන් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහි නව ස්මාරකය විවෘත කළේය. පසුව ප්‍රවීණයින් සමඟ නිල වශයෙන් නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය අසල පිහිටි ‘මිනි පන්දම’ (Mini Torch) නිරික්‍ෂණයට ලක් කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නව තොරතුරු තාක්ෂණ අංශයේ නව සංකීර්ණය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීම නැරඹිය. අනතුරුව ඔවුන් වෙත විශේෂ ඇගයීම් සිහිවටන පිළිගැන්වීමට පෙර, ඉහළම ප්‍රමිතියකින් යුත් පූර්ණ අධ්‍යයන ආයතනයක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙනුවෙන් ඉමහත් කැපකිරිමක් කළ එම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබිණි

මින් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන ආධුනික කෙඩෙට් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ සුහඳව අදහස් හුවමාරු කර ගත් අතර ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඇති වැදගත්කම මෙන්ම ඔවුන්ගේ පුහුණුවේ ඇති ජාතික වැදගත්කම පිළිබඳව ද එතුමන් වැඩිදුරටත් එහිදි අවධාරණය කළේය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව ගොඩනැගිල්ල සංකීර්ණය සඳහා රුපියල් මිලියන 49.5 ක් වැය වූ අතර එහි ඉදිකිරීම් කටයුතු 2018 වර්ෂයේදී විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායක බ්‍රිගේඩියර් එච්. එච්. ඒ. එස්. පී. කේ.සේනාරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් ආරම්භ කරන ලදී. best Running shoes | Nike