Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2019 19:21:35 Hours

තියුණු සටනකින් පසු ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලිය’ ජය ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සමත් වේ

‘අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලිය - 2019’ හි අවසන් මහා තරඟය සඳහා සුදුස්සන් තෝරාගැනීමේ තරඟාවලිය ඉකුත් සිකුරාදා (9) දින සවස තුරඟ තරඟ පිටියේ දී පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය. එමෙන්ම මේ වෙනුවෙන් ප්‍රවීණ රගර් ක්‍රීඩකයින්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් මෙන්ම රගර් ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් පැමිණ සිටියහ. 2019 ජූලි මස 9 දින සිට 2019 අගෝස්තු මස 9 දින දක්වා පැවති තරඟාවලිය සඳහා තරඟ 36 ක් ඇතුළත් වූ අතර කණ්ඩායම් 15 ක් අවසන් මහා තරඟය සඳහා තරඟ වැදුනහ.

මෙම උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එහි ප්‍රධාන දොරටුව අභියස දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර ක්‍රීඩාගාරය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් කැඳවාගෙන යෑමට ප්‍රථම අවසන් මහා තරඟය වෙනුවෙන් තරඟ වැදීම සඳහා නියමිත ක්‍රීඩකයින් එතුමන් වෙත හඳුන්වාදෙනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රගර් කණ්ඩායම අවසන් මහා තරඟයේදී එකිනෙකා සමඟ උරෙන් උර ගැටී ලකුණු 24 – 22 ක් ලෙස ආකර්ශණිය ලෙස තරඟ වැදුනද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ක්‍රීඩකයින් තරඟාවලියේ ජයග්‍රහණය සනිටුහන් කරමින් වර්ෂයේ ශූරතාවය හිමිකර ගත්හ.

තරඟාවලිය අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් හට සමරු ඵලකයක්, ගැමුණු හේවා බලඇණි ක්‍රීඩකයින් හට කුසලානයක් මෙන්ම සංඥා බලකාය නියෝජනය කරන ක්‍රීඩකයින් හට ජයග්‍රාහි ඵලකයක් වශයෙන් සියළු කාණ්ඩ වල ජයග්‍රාහකයින් හට සම්මාන පිරිනමනු ලැබිණි.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී හචිසන් දුරකථන සේවා සමාගම විසින් පුරා වසර 3 ක් (2019 - 2021) දක්වා මෙම ‘යුද්ධ හමුදා රගර් ශූරතාවලිය’ සඳහා සිය අනුග්‍රහය දැක්වීමට නියමිත එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු මහතා, නීති සාමාන්‍යාධිකාරී ෂාමිනි මහත්මිය ඇතුළු හචිසන් සමාගමේ අනෙකුත් නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත තරඟාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වමින් චෙක්පත් ප්‍රධානය කරන ලදී.

මෙම අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්ය මණ්ඩල මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන් මෙන්ම නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.buy footwear | Women's Nike Superrep