Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2019 17:57:43 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි සංකීර්ණයේ මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වර්ණවත් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

සුභ මොහොත එළබීමත් සමඟ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය. තවද, මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මුල්ගල් තැබීම සඳහා එක්විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කොට ආශිර්වාද ලබාගත්හ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර සමූහ ඡායාරූපයක් සඳහා ද එක්විය. ඉන් අනතුරුව, ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්ම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් මගින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය උත්සව කටයුතු අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා නිලධාරින් ඇතුළු සෙසුනිලයින් ආමන්ත්‍රණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් හට ආරාධනා කරනු ලැබීය.short url link | Nike SB