Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 19:11:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘හොඳම විවේකී ක්‍රීඩා සැපයුම්කරු’ ලෙස තේරීපත් වෙයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෑතකදී පැවැත්වූ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘වසරේ විශිෂ්ටතම විවේකී ක්‍රීඩා සැපයුම්කරු’ ලෙස තේරීපත් වූ අතර එහිදී, යුද්ධ හමුදාවට ජනාධිපති සම්මාන කුසලානයක් සහ සහතිකපතක් හිමිවිය.

යුද්ධ හමුදාව රට තුළ මෝටර් රථ ධාවන තරඟාවලී සහ මළල ක්‍රීඩා තරඟාවලී පවත්වමින් එම ක්‍රීඩාවන් ජනප්‍රිය කරවීමට සහ ප්‍රවර්ධනය කිරීමට මහඟු දායකත්වයක් දක්වනු ලබයි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ දී අතිගරු ජනාධිපතිතුමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු. හෙක්ටර් අප්පුහාමි විසින් ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ කමිටුවේ ලේකම් කර්නල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් වෙත සම්මාන ප්‍රදානය කරන ලදී.

2017/2018 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළලේ විනිශ්චය මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති පරිදි සම්මාන කාණ්ඩයේ සහතික මගින් අදාළ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විශිෂ්ටත්වය සහ ජයග්‍රහණ පිළිබඳ ඇගයීමකට ලක් කරයි.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. affiliate tracking url | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD