Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 12:08:51 Hours

ඌව කුඩාඔය ‘කමාන්ඩෝ සුපර්ක්‍රෝස් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය සාර්ථකව නිමාවට

කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘කමාන්ඩෝ චැලේන්ජ් - 2019’ ත්‍රාසජනක මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යුද්ධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ යතුරුපැදි හා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් ඉරිදා (04) දින කුඩාඔය දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ‘කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස්’ තරඟාවලියේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) සහ හචිසන් ටෙලිසන්නිවේදන (පුද්ගලික) සමාගම සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරනු ලැබු අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිශය වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙය සංවිධානය කෙරේ. තවද සියවස් ගණනාවකට පෙර ඉතිහාසයේ දුටුගැමුණු රජුගේ ප්‍රධාන සටන්කරුවන්ගේ පුහුණු භූමියක්ව පැවැති මෙම ධාවන පථය රටෙහි වේගවත්ම ධාවන පථය මෙන්ම දීර්ඝතම, පළල්ම සහ ශ්‍රී ලංකා ලංකාවේ පළමු ධාවන පථය ද මෙය වේ.

මෙම ධාවන තරඟාවලිය මෝටර් රථ ධාවන ඉසව් 13 ක් සහ යතුරු පැදි ධාවන ඉසව් 12 කින් සමන්විත වු අතර ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ (SLARDAR) උපදේශකත්වය මත පුහුණුවලත් දිවයිනේ දක්‍ෂතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

යොවුන් ක්‍රීඩකයන් සඳහාම නිර්මාණය වූ මෙම තරඟාවලියේ තරඟ ඉසව්වන්හි ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ මුදල් ත්‍යාග මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් පිරිනමනු ලැබීය. Running sports | Nike Shoes, Sneakers & Accessories