Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 09:18:22 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 07 දෙනෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභාශීංසන

දශක තුනකට ආසන්න කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ප්‍රසංශනීය කාර්යභාර්ය ඇගයුමට ලක් කරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 07 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (30) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඇගයුම් සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන ක්‍ෂේත්‍රයේ සහ පරිපාලන කටයුතු සඳහා ලබාදුන් විශීෂ්ට හා ආදර්ශමත් සේවාව ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඔවුන් වෙත විශේෂ සහතික පත් මෙහිදි ප්‍රදානය කරන ලදී.

මෙම හමුවේදී, ඔවුන් සමඟ සුහඳ පිළිසදරක යෙදුණු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අතීත අත්දැකීම් සහ විශ්‍රාම යාමෙන් පසු අනාගත බලාපොරොත්තු පිළිබඳව විමසා සිටියහ. සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය උණුසුම් සුබ පැතුම් එක් කළ අතර විශ්‍රාම යාමෙන් පසුව ද ඔවුන් රටට බරක් නොවනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඔවුන් වෙනුවෙන් දක්වනු ලබන ගෞරවය පිළිබඳ සිය කෘතඥතාවය පුද කළ අතර ඔවුන් කිසිදා නොසිතු අයුරින් ලැබූ මෙම අවස්ථාව සිය ජීවිත කාලය පුරාවටම මතකයක් වනු ඇත.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ යුද්ධ හමුදා මුලස්ථාන බළඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් ද එක්විය. latest Running | Archives des Sneakers