Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2019 23:37:51 Hours

ජාතික තේරීම් කමිටුවේ සභාපති යෝජනා කළ නව දකුණු ආසියා ක්‍රීඩා ලේකම් කාර්යාලය විවෘත කරයි

ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික තේරීම් කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නිර්දේශය මත නේපාලයේ, කත්මඩු නුවර දී දෙසැම්බර් මස 1 සිට 10 දින දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - 2019 සඳහා තෝරාගත් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 632 කට සහයෝගය දැක්වීම සඳහා දකුණු ආසියානු ක්‍රීඩා ලේකම් කාර්යාලය ඉකුත් බදාදා (24) දින ටොරින්ටන් හිදී විවෘත කරන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු, ජාතික තේරීම් කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලනන්ද පෙරේරා මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, ජාතික තේරීම් කමිටුවේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පී.එම්.ආර්. බණ්ඩාර සහ ජාතික තේරීම් කමිටුවේ ලේකම් ආර්.ඒ. කුලරත්න මහතා සහභාගි වූහ.

නේපාලයේ, කත්මඩු නුවරදී දෙසැම්බර් මස පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩා ඉසව් 26 ක් යටතේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 632 කට අවශ්‍ය සියළු ආධාර හා පහසුකම් සැපයීම සඳහා නම් කරන ලද හමුදා නිලධාරීන් 26 දෙනෙකු සහිත නව දකුණු ආසියානු ක්‍රීඩා ලේකම් කාර්යාලය, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දෙවන මහලයේ ස්ථාපිත කරන ලද අතර එය සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සේනානායක, ජාතික තේරීම් කමිටුවේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව, 2019 පෙබරවාරි මාසයට පෙර තේරීම් වට පැවැත්වීම සඳහා නිශ්චිත තේරීම් නිර්ණායක නිකුත් කළ අතර අමාත්‍ය සමාලෝචන කමිටුවේ සහභාගීත්වයෙන් අදාළ ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන් / ලේකම්වරුන් / භාණ්ඩාගාරිකවරුන් කැඳවා නිරන්තරයෙන් ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කරනු ලබයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව විසින් පුහුණුකරුවන්, භෞතික චිකිත්සකයින්, පෝෂණවේදීන්, ප්‍රවීණයන් ඇතුළු සියලු සහයෝගයන් ලබාදීමට නියමිතය. Nike Sneakers Store | Nike Shoes