Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2019 12:05:07 Hours

ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක පළමු වරට යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක පළමුවන ලුතිනන් ගකු ෆුකවුරා (1st Lieutenant Gaku Fukaura) ඉකුත් සඳුදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාව සඳහා නික්මයන ආරක්‍ෂක උපදේශක කපිතන් අට්සුහිරෝ මොරේ (Captain Atsuhiro Moroe) ද සහභාගි විය.

නික්මයන කපිතාන් අට්සුහිරෝ මොරේ (Captain Atsuhiro Moroe) සිය ධුර කාලය තුළ දී ලබාදුන් සියලු සහයෝගය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තූතිය පුද කළ අතර නව ආරක්‍ෂක උපදේශක පළමුවන ලුතිනන් ගකු ෆුකවුරා (1st Lieutenant Gaku Fukaura) යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වා දුන්නේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නික්මයන කපිතාන් අට්සුහිරෝ මොරේ (Captain Atsuhiro Moroe) ගේ සබඳතා අගය කළ අතර රාජකාරී සඳහා ඔහු දැක්වූ සහයෝගය ද එහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සුභ පැතුම් පිරිනැමු අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.Sport media | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp