Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2019 16:53:28 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අප්‍රේල් මස 21 දින එල්ල වූ ප්‍රහාරයේ තෙමස් පූර්ණ ‘පිංකම’ සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිදුකරයි

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය, ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් අප්‍රේල් මස 21 වන පාස්කූ ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන තෙමස් පූර්ණ ‘පිංකම’ සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඉකුත් ඉරිදා (21) දින ආරක්‍ෂක අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම ආගමික උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා සුජිවා නෙල්සන් මැතිණිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ඇතුළු නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

අග්ග මහා පණ්ඩිත අමරපුර නිකායේ අති පූජ්‍ය ශ්‍රී ධම්මාවස මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මහා සංඝරත්නය වර්ණවත් පෙරහැරකින් ශ්‍රවණාගාරය වෙත වැඩම කරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරිණි. ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ විසින් ධාතු කරඩුව වැඩම කරවන ලදී. ඉන් අනතුරුව, බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාමීය ආගමික වතාවත් මධ්‍යයේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අයවලුන්ට පිං අනුමෝදන් කළ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. එම ආගමික වතාවත් සිදුකළ ආගමික පූජකවරුන් ජාතික සමගියෙහි ඇති වැදගත්කම ද මෙහිදි ඉස්මතු කළේය.

මෙම විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මහාසංඝරත්නයට සහ අනෙකුත් පූජකවරුන් වෙත සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමන ලදී. ඉන් අනතුරුව, පැන් වැඩිමේ චාරිත්‍රය සඳහා ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් එක්ව සිටියහ.spy offers | Nike React Element 87