Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2019 13:58:59 Hours

‘ශිල්ප සේනා’ හමුදා කුටිය නැරඹීමට විශාල ජනකායක්

‘ශිල්ප සේනා’ ප්‍රදර්ශනය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවැති යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා පසුගිය දින කිහිපය තුල විශාල ජනකායක් සහභාගි වූහ.

විද්‍යා, තාක්‍ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ගරු සුජිව සේනසිංහ මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම ප්‍රදර්ශනයේ අවසන් දින (ඉරිදා 21) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගි වූ අතර සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ප්‍රදර්ශනය ආරම්භ විය.

ඉකුත් ඉරිදා (21) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි අතර එහිදී, ‘රට රකින ජාතිය’ නමින් නම් කර සන්නද්ධ අවි හා උපකරණ, යුද්ධ හමුදා නිල ඇඳුම්, පුපුරණ ද්‍රව්‍ය ආදිය ප්‍රදර්ශණයට තබා තිබු යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටිය වෙත ද යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණියේය.

ප්‍රදර්ශන කුටිය නැරඹු යුද්ධ හමුදාධිපතිතුමන්, ප්‍රදර්ශන කුටිය මෙහෙයවන යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් දිරිමත් කළේය.

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ.Adidas footwear | Releases Nike Shoes