Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st July 2019 08:02:16 Hours

නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී පුහුණුව ලැබූ නව සංග්‍රාමික කිමිදුම්කරුවන් වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් නිල ලාංඡන පළඳවයි

මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපිත සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී සංග්‍රාමික කිමිදුන් පුහුණු පාඨමාලා අංක - 6 සාර්ථකව හැදෑරු ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු නිලධාරීන් 4 ක් සහ සෙසුනිලයින් 32 කින් සමන්විත කණ්ඩායමක් ඉකුත් සෙනසුරාදා (20) දින මුලතිව්, නයාරු වෙරළ තීරය අසල පැවති උත්සවයකදී විසිර යන ලදි.

සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී දින 90 ක් පුරා පැවැති මෙම පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදුන් ඉතා වෙහෙසකර පුහුණු පාඨමාලාවක් වූ අතර දක්‍ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්‍රමෝපායන් සහ ආරක්‍ෂිත ඉරියවු පිළිබඳව මනාව අධ්‍යනයක් කිරීමට මෙම මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරූවන්ට අවස්ථාව හිමි වී තිබිණි.

මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලා අංක - 6 හි සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය ලබාදුන් අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

ඒ අනුව, පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස තේරිපත් වූ 2 වන විශේෂ කාර්ය බලකායේ කෝප්‍රල් එස්.එස්.කේ. ලේකම්වසම් සහ හොඳම පිහිනුම්කරු මෙන්ම කිමිඳුම්කරු ලෙස තේරිපත් වූ 4 වන විශේෂ බලකායේ කෝප්‍රල් එස්.එම්.එච්. නුවන් සහ පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා ලෙස තේරිපත් වූ 1 වන විශේෂ කාර්ය බලකායේ කෝප්‍රල් ආර්.ඩී.ටී.පී. රාජකරුණා හට මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් විශේෂ සම්මාන පිරිනමන ලදී.

එහිදි, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් පාඨමාලාව සාර්ථකව හැදෑරුවන් හට නිල ලාංඡන පැළඳවූ අතර උත්සව සභාව අමතමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය සඳහා මෙම පුහුණුවේ වැදගත්කම එතුමන් එහිදී අවධාරණය කරනු ලැබීය.

මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ, විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් සහ නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක ලුතිනන් කර්නල් ලංකා අතුකෝරල විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, නිලධාරීන් සහ සෙසු නිලයින් කණ්ඩායමක් සමඟින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සංග්‍රාමික ජීවිතාරක්‍ෂක බෝට්ටුවක විනාඩි කිහිපයක මුහුදු සංචාරයක් සඳහා ද එක්විය.

අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුහුණු පාසල් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. උත්සවය අවසානයේ, බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම ඇගයුමට ලක්කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. Sports Shoes | Sneakers