Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2019 12:02:21 Hours

සෝමාවතිය වාර්ෂික ‘දක්‍ෂිණ දළඳා පෙරහැර’ සඳහා යුද්ධ හමුදාවේ සහය

පොලොන්නරුව සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දක්‍ෂිණ දළඳා පෙරහැර පූජනීය සෝමාවතී දේවාල පරිශ්‍රයේදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි වගකීම ලෙස දේවාල පරිශ්‍රය වෙත ආරක්‍ෂාව තහවුරු කරනු ලැබූ අතර ඊට අමතරව පහන් කූඩු ප්‍රදර්ශනය කිරීම තුලින් දේවාල පරිශ්‍රය වර්ණවත් කරනු ලැබිණි. සෝමාවතිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේකෝන් විසින් මෙම පහන් කූඩු ප්‍රදර්ශනය විවෘත කරනු ලැබිණි.

සෝමාවතී දාගැබ තුළ තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම සඳහා මෙම ඓතිහාසික පෙරහැර වාර්ෂිකව පවත්වනු ලබයි.

මෙම පෙරහැර වර්ණවත් වස්ත්‍රාභරණ වලින් සැරසූ හස්ති රාජයන්ට අමතරව සාම්ප්‍රදායික ගිනි කෙලි සංදර්ශන, කසකරුවන්ගේ සංදර්ශන, උඩරට නැටුම් සහ වෙනත් විසිතුරු සහ විචිත්‍රාංග නර්තන සංදර්ශන වලින් සමන්විත විය. Running sneakers | adidas