Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2019 18:40:20 Hours

නැමීබියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නවදිල්ලියේ පිහිටි නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් (Brigadier Titus Simon) ඉකුත් බදාදා (17) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම හමුවේදී, ද්විපාර්ශ්වික හමුදා අවශ්‍යතා පිළිබඳ කරුණු මෙන්ම පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම සුහද හමුව අවසානයේ සංචාරයේ වැදගත්කම සනිටුහන් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Best Nike Sneakers | balerínky