Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 22:30:05 Hours

ජනප්‍රිය ගායන ශිල්පීන් හා කලාකරුවන් වවුනියාව ප්‍රදේශයේ සිවිල් වැසියන් විනෝදාස්වාදයට පත් කරයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් වවුනියාව වෙළඳ සංගමය සහ වවුනියාව මුස්ලිම් ප්‍රජාව සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. එම්. ශිවකුමාර් ප්‍රමුඛ ‘අග්නි’ දමිළ සංගීත කණ්ඩායමත් සමඟ නවගම්පුර ගනේෂ්, නිලුක්ෂි ජයවීරසිංහම්, ජෝර්ජ් ස්ටැන්ලි, මොහොමඩ් වෆා, රෝයි ජැක්සන්, සමීර හසන්, ඉමාලි පතිරණ, මරියා විජයලක්‍ෂ්මි ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් පැමිණ සිටි දහස්ගණනක් සිවිල් වැසියන් විනෝදස්වාදයට පත් කළහ.

රට තුළ ඇතිවී තිබු නොසන්සුන්කාරී තත්ත්වය යථා තත්ත්වයට පත් කරමින් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර ජනවාර්ගික සමගියෙහි ඇති වැදගත්කම ඉස්මතු කිරීමේ අරමුණින් ‘එකට සිටිමු’ තේමාව යටතේ මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදී.

‘ෂයින් ඇරෝස්’ සහ ‘රෙඩ් ඇරෝස්’ නර්තන කණ්ඩායම් මෙම ප්‍රසංගයට අලංකාරයක් සහ සෞන්දර්යාත්මක සුන්දරත්වයක් එක් කළහ.

මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ වව්නියාව වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අයි.එම් හනිෆා මහතා සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී. සෙනවිරත්න, 56 වන සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. bridgemedia | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1