Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 20:17:22 Hours

පලාලි වැවේ වාන් දොරටුවේ සහ සොරොව්වේ ඉදිකිරීම් කටයුතු අරඹයි

පලාලි ප්‍රදේශය ජල සම්පත්වලින් පිරී කෘෂිකාර්මික වගා ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකාය විසින් පලාලි වැවේ වාන් දොරටුවක් හා සොරොව්වක් ඉදිකිරීමේ වැදගත් ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියට සහ යුද්ධ හමුදා ගොවිපොළට අවශ්‍ය ජලය ලබාදීමට මෙම වැව ප්‍රයෝජනවත් වන අතර අනාගතයේදී යාපනයේ ගොවීන් සමඟ ජලය බෙදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින් අපේක්‍ෂා කරයි.

ඒ අනුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (10) දින පැවැති උත්සවයකදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබූ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින් ඉංජිනේරු භටපිරිස් එක්ව සිටියහ. එසේම, මෙම වැව යාපනය දිස්ත්‍රික්කය තුළ වාන් දොරටුවක් ඇති එකම වැව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ඉතිහාසයට වැදගත්කමක් එක් කරන මෙම සමාරම්භක උත්සවය සඳහා ආගමික පූජකවරුන්, යාපනය වාරිමාර්ග ඉංජිනේරු මූර්ති මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Nike Sneakers Store | Nike