Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 17:24:12 Hours

අණදෙන නිලධාරී පාඨමාලා අංක 4 හි ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වෙන අණදෙන නිලධාරී පාඨමාලා අංක 4 හි නිලධාරීන්ගේ විෂය මාලාවේ කොටසක් සම්පූර්ණ කිරිම සඳහා ඔවුන් බ්‍රහස්පතින්දා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සමඟ අදාළ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව වඩා හොඳ නිරාවරණයක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා සහභාගී විය.

අණදෙන නිලධාරී උපාය මාර්ග පිළිබඳ ඔවුන්ගේ දැනුමේ ප්‍රමිතීන් තක්සේරු කිරීම සඳහා එම අණදෙන නිලධාරී පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් එහිදි සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුම්න්ද කැප්පෙටිවලාන, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් විද්‍යානන්ද, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර් ධර්මසිරි, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ඇතුළු යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක කර්නල් කපිල දොලගේ යන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහSportswear Design | Air Jordan