Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2019 18:30:53 Hours

නව තනතුරේ රාජකාරී භාරගැනීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් නික්මයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ (SLAVF) සේනාවිධායක ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීමට නියමිත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එම ධූරයෙන් නික්ම යෑමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (9) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවත් විය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටයින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව එතුමන්ට යුද්ධ හමුදා ජනපදයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව විවෘත කිරීමට ද ආරාධනා කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි 14 සහ 58 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඒ යටතේ ඇති බලසේනාවන්හී බලසේනාධිතිවරුන් සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයටද එතුමන් සහභාගී විය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස වසර එකහමාරකට ආසන්න කාලයක් සේවය කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම නව ධූරයට අමතරව සමස්ත මෙහෙයුම් (OOC) අණදෙන නිලධාරිය ලෙස ද කටයුතු කරනු ඇත. jordan release date | adidas Campus 80s South Park Towelie - GZ9177