Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2019 17:46:31 Hours

වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථානය තවත් පැල 500 ක් රෝපණය කිරිම සඳහා දායක වේ

විල්පත්තු වන රක්ෂිතයේ දැනට ක්‍රියාත්මක වන ‘තුරුලිය වෙනුවෙන් අපි’ වන වගා වැඩසටහනට රුකුලක් වෙමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් මත සුප්‍රසිද්ධ හේමාස් ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ඉකුත් ඉරිදා (7) දින වන්නි අරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් තවත් පැල 500 ක ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය.

විල්පත්තුව වන රක්ෂිතයේ ගජසිංහපුර, කල්ලාරු පාලම ආසන්නයේ පිහිටි භූමී ප්‍රදේශයේ මෙම පැල රෝපණය කිරීම සඳහා මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සහභාගිත්වයෙන් අනුග්‍රාහකයින්ගේ සහය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරය යටතේ දුර්ලභ විශේෂ පැළ 45,000 ක් පමණ සිටුවීමට නියමිතව ඇති අතර මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද්ධ හමුදා සාමාජිකයින් සහ පරිත්‍යාගශීලීන්ගේ සහභාගිත්වයෙන් යුතුව එම ප්‍රදේශයේ පැළ කිහිපයක් සිටුවමින් මෙම ව්‍යාපෘතියට දායක විය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී.එන්.කේ ජයපතිරන ගේ අධීක්ෂණය යටතේ 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක විසින් මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම සුවිශේෂි ව්‍යාපෘතිය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී.එන්.කේ ජයපතිරන, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්. පී. ළමාහේවා, 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.පී.කේ.සී විජේතුංග, 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක ඇතුළු පිරිස යුද්ධ හමුදාව නියොජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ අතර, තවද සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ. සිවකරම් සහ මින්දක තිලකරත්න යන මහත්වරුන් ද හේමාස් අවුට්රිච් පදනම නියෝජනය කරන නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිංහල හා දෙමළ මෙන්ම ඒ අවට පාසල්වල මුස්ලිම් සිසුන් ද එම අවස්ථාවට සහභාගී වූහ. jordan release date | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp