Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2019 16:07:46 Hours

අතිගරු ජනාධිපතිතුමා මහනුවර යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තෙමහල් ‘ධර්මශාලාව’ විවෘත කරයි

භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව සිදු කරනු ලබන මහනුවර, වරාතැන්න භුමී පරිශ්‍රයේ ඇති තෙමහල් ධර්මශාලාව සහිත සීමාමාලක සඳහම් මැදුර 11 වන සේනාංකයේ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම පුණ්‍යකර්මය සඳහා සපැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉකුත් බදාදා (3) දින පැවති උත්සව අවස්ථාවකදී එම ධර්මශාලා ගොඩනැගිල්ල සුභ මොහොතින් විවෘත කරන ලදී.

මෙම ධර්මශාලාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයේ සාසන ජෝතිකා කාරක සංඝ සභා මූලස්ථානයේ පිහිටි සීමාමාලක සඳහම් මැදුරෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන දෙන උඩරට අමරපුර මහනිකායේ මහනායක හිමිපාණන් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් මීට මාස කිහිපයකට පෙර සිදු කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම මාහැගි පුණ්‍යකර්මය සිදු කිරිම වෙනුවෙන් උපදෙස් ලබා දී තිබූ අතර ඒ අනුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා කෙටි කාළයක් තුළ යුද්ධ හමුදා භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් නියමිත දිනටත් ප්‍රථමයෙන් නිමාවට පත් කරන ලදී. මෙම උත්සව අවස්ථාවේදී සුභ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කිරිමෙන් අනතුරුව පැමිණි පිරිසගේ සහභාගීත්වයෙන් දහම් සාකච්ඡාවක් ද පවත්වන ලදී.

මේ වෙනුවෙන් පැවති උත්සවයේ සමාරම්භක අවස්ථාවට අමරපුර නිකායේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර, 111 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ. Sports Shoes | UOMO, SCARPE