Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2019 06:00:35 Hours

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව 6 වන කණ්ඩායමත් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වෙයි

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා සිය ඥාතීන්ගේ උණුසුම් සුභ පැතුම් මධ්‍යයේ අද (3) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි, හදිසි වෛද්‍ය ව්‍යාපෘතියක් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය වැඩිදියුණු කළ හා පරිණත වෘත්තීයභාවය අන්තර්ජාතික මට්ටමට ගෙන එමින් මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ බෝර් හි පළමු වරට ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක් පිහිටුවීමට සමත් විය.

මෙම ව්‍යාපෘතිය ‘එක්සත් ජාතින්ගේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂකගේ එක්සත් ජාතීන්ගේ වෘත්තීය කාලවකවානුව තුළ මෙතෙක් දැක ඇති වේගවත්ම හා සැලසුම් සහගත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත. ලුතිනන් කර්නල් රොහාන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 50 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම මේ වනවිට දකුණු සූඩානයේ රාජකාරියේ නියුතු 62 දෙනෙකුගෙන් යුත් සාමාජිකයන් එම රාජකාරියෙන් මුදවා රාජකාරී භාරගැනීමට නියමිතව ඇත. ඒ අනුව, 5 වන අදියර යටතේ දකුණු සුඩානයේ සිය රාජකාරී කටයුතු නිම කළ කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව අද (3) දින නැවත දිවයිනට ලඟාවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා භට පිරිස් යොදවන රටක් ලෙස මේ වනවිට පිළිගෙන ඇති අතර එම කටයුතු වල නිරතවන ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට ප්‍රශංසා කර ඇති අතර අප්‍රිකානු මහාද්වීපයට ඔවුන් දැක්වූ දායකත්වයද ඉන් කැපී පෙනේ.

දකුණු සුඩානය පදනම් කරගත් මෙම නව ‘SRIMED’ රෝහල තුළ ශල්‍යාගාරයක්, ප්‍රසූතිකා ගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත සැත්කම්, දන්ත වැඩමුළුව, ෆාමසි, වෛද්‍ය ගබඩාව, විකිරණ විද්‍යා දෙපාර්තමේන්තුව, සායනික රසායනාගාරය, ඊසීජී කාමරය ඇතුළු ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විතය. විෂබීජහරණ දෙපාර්තමේන්තුව, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශය, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශය, වායූ සමනය කළ මෘත ශරීරාගාරය, හුදකලා වාට්ටුව සහ ලොන්ඩරි පහසුකම් සහිත වාට්ටු, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියළු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානා පහසුකම් ද ඇත.

අද උදෑසන දිවයිනෙන් පිටත්ව යන කණ්ඩායම නිරීක්‍ෂණය කිරිම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ සිටියහ. latest Running | adidas Yeezy Boost 350